2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය තුන්වන දින දැඩි වර්ෂාව මධ්‍යයේ ඉදිරියට යයි
6:21pm on Thursday 14th September 2017
පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළියේ තුන්වන දිනය ආරම්භ කරමින්, යම් ව්‍යසනකාරී අවස්ථාවකදී ආපදා සහන කටයුතු සඳහා සිය ගුවන් යානාවන් භාවිතා කරන ආකාරය පිළිබදව සහභාගීවන්නන්ට විදහා දක්වමින් ප‍්‍රායෝගික සැසියක් සමඟ කමාන්ඩ් පෝස්ට් අභ්‍යාසය සිදු කරන ලදී.

අනතුරුව, කමාන්ඩ් පෝස්ට් අභ්‍යාසය සඳහා සහභාගී වූවන් අමරිකානු ගුවන් හමුදාවේ සී-130ජේ ගුවන් යානා සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සී-130එච් හා ඒඑන් 32 ගුවන් යානා අභ්‍යාස සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරට පිටත්ව යන ලදී. මෙහිදී එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් ගුවන් හමුදා ඉංජිනේරු පක්‍ෂාංග අංගනයේදී සිදු කරන ලද භාණ්ඩ පැටවීම, ගොඩබෑම සහ එකලස් කිරීමේ අභ්‍යාස සියළුම සහභාගීවූවන් හට අත්දැකීමක් එක්කරන ලදී. කමාන්ඩ් පෝස්ට් අබ්‍යාසය සඳහා සහභාගී වූවන්ගේ සමූහ ඡුායාරූප සැසිය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් සිදු කල ගුවන් භාණ්ඩ හැසිරවීමේ අභ්‍යාසයෙන් අනතුරුව සිදු කරන ලදී.

අභ්‍යාසයන් අඛණ්ඩව සිදු කරමින් කමාන්ඩ් පොස්ට් අභ්‍යාසය සඳහා සහභාගී වූවන් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද මූලික පැරෂුට් පැනීම් - පැරෂුට් එතීමේ අභ්‍යාසයන් සිදු කරන ලදී. ඊට අමතරව දිනයේ අවසාන භාගයේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සාමාජිකයින්, රතු කුරුස සාමාජිකයින් එක්සත් ජනපද ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන සැලසුම් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව දේශන මාලාවක් පවත්වන ලදී.

මීට සමගාමීව, වෛද්‍ය විෂ්‍ය විශේෂඥ දැනුම් හුවමාරුව  යටතේ උදෑසන වැඩසටහන මීගමුව ජෙට් විංග් හෝටලයේදී පවත්වන ලදි.  රෝගියාගේ හැසිරීම් රැු ප්රවාහන උපකරණ පිළිබඳ සමාලෝචනය, තුවාල සිදු වූ පුද්ගලයින් නිශ්චිත රැුකවරණ ස්ථානයක් කරා ප‍්‍රවාහනය, මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන ප‍්‍රතිචාර දැක්වීම් සහ එක්සත් ජනපද ගුවන් හමුදා සෞඛ්ය වෛද්ය නිලධාරී කණ්ඩායමේ වෛද්ය නිර්දේශ දේශන මෙයට ඇතුලත් විය.

දිවා භෝජනයෙන් අනතුරුව  වෛද්‍ය විෂ්‍ය විශේෂඥ දැනුම් හුවමාරු කණ්ඩායම් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පිටත්ව යන ලදී, රෝගින් තක්සේරු කිරීම, මූලික කතිකා මණ්ඩල පූර්වෝපායයන්, රුධිරය ගැලීම පාලනය කිරීම / පතුරු තැබීම ආදිය සම්බන්ධව සාකච්ඡුා දිගටම පවත්වන ලදී.

අවසානයේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් භටයින් හට එක්සත් ජනපද ගුවන් හමුදා සී-130 ගුවන් යානයෙන් පැරෂුට් පැනීම් සිදු කිරීම පියාසර පුහුණු අභ්‍යාස යටතේ පළමුවෙන්ම සිදු කිරීමට නියමිතව තිබිණි. කෙසේවෙතත් ඒ මොහොත වන විට ඇති වී තිබූ අයහපත් කාළගුණය හේතුවෙන් එම අ්‍යභාසය පසුවට කල් තබන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි