ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය මීරිගම ගුවන් හමුදා කඳවුර
10:22am on Sunday 17th September 2017
මීරිගම ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය 2017 සැප්තැම්බර් මස 15 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්පී දහනායක නිළධාරී විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ ඛණ්ඩයක්  මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආචාර පුද කරන ලදී.

මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී 17442 ප‍්‍රධාන බලලත් නිළධාරී ඞීඑම්එම්එස් හට ඔහු කඳවුරු රාජකාරීන් උදෙසා සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් ගුවන් හමුදාධිපති සම්මාන පුද කරන ලදි.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරන ලදී. කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින්  ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශීෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි