පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය 2017 අවසන් දිනය
10:30am on Sunday 17th September 2017
පැසිපික් ගුවන් ප‍්‍රවාහන රැළිය 2017 අවසන් දිනය (PAR 2017) 2017 සැපතැම්බර් මස 15 වන දින කමාන්ඞ් පෝස්ට් අභ්‍යාසය (CPX) සහ පියාසර පුහුණු අභ්‍යාස (FTX)  සමගින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේදී ආරම්භ කරන ලදී.  කමාන්ඞ් පෝස්ට් අභ්‍යාසය සඳහා සහභාගී වූවන් එක්සත් ජනපද ගුවන් හමුදා සී-130ජේ  වර්ගයේ ගුවන් යානාවකින් අම්පාර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වෙත එක්සත් ජනපද ගුවන් හමුදා භටයින් විසින් පියාසර පුහුණුව යටතේ සිදු කරන ලද ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය දැකබලාගැනීම සිදු කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ආපසු පැමිණීමෙන් අනතුරුව 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළියේ සමස්ථ සම්බන්ධීකාරක එයාර් කොමඩෝර් රංජිත් සේනානායක මහතා විසින් සියළු දෙනා අමතා ඉතා සාර්ථකව පවත්වන ලද පියාසර පුහුණු අභ්‍යාසය සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් කෘතඥතාව පළ කළේයග ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ලුතිනන් කර්නල් මාර්ක් සුකොව් ගුවන් හමුදාවේ ආගන්තුක සත්කාරය අතිශයින් අගය කළ අතර 2017 වසරේ පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළිය පැවැත්වීමට සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගෞරවයක් හා වරප්රසාදයක් බව ප‍්‍රකාශ කරන ලදී. උඣීසන සැසිවාරය අවසන් කරමින් එම අවස්ථාවන් සිහිපත්වීම පිණිස එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී,

ඒ සමඟම සිවිල් ඉංජිනේරු විෂය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන මීගමුව ජෙට්වින්ග් බ්ලූ හිදී නිමාවට පත්වූ අතර ගුවන් හමුදාවේ සහභාගි වූවන්ට ඔවුන්ගේ දායකත්වය පිළිගැනීමේ සහතික ප‍්‍රදානය කරන ලදීග මීට අමතරව, වෛද්‍ය විෂය විශේෂඥ දැනුම් හුවමාරු අවසන් වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහලේදී පවත්වන ලදී. ඉන් අනතුරුව,  වෛද්‍ය විෂය විශේෂඥ දැනුම් හුවමාරු අභ්‍යාසය සඳහා සහභාගී වූවන් ජෙට්වින්ග් බ්ලූ හෝටලය වෙත ආපසු පැමිණෙන ලදීග එහිදී ඒ සඳහා සහභාගී වූවන් වෙත සහතික පත් ප‍්‍රදානය කිරීම සිදු කරන ලද අතකර මේ සඳහා ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර මහතා සහභාගී විය.


දිවා භෝජනයෙන් පසු 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළියේ අවසන් උළෙල සඳහා ජෙට්වින්ග් බ්ලූ හෝටලයෙහි වේදිකාව සූදානම් කරන ලදී. පැසිපික් ගුවන් හමුදා ගුවන් හමුදාධිපතිගේ ජාතික ගුවන් ආරක්‍ෂක සහකාර මේජර් ජෙනරාල් ජේම්ස් ඊෆර්ට් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය යන මහත්වරු ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වූහග මේජර් ජෙනරල් ජේම්ස් ඊෆර්ට් සහ එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය විසින් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළිය සඳහා සහභාගී වූවන්හට සහතික පත‍්‍ර ප‍්‍රදානය කරන ලදී. සමාප්ති උත්සවය අමතමින් මේජර් ජෙනරාල් ඊයිෆර්ට් විසින් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළිය ක‍්‍රියාකාරීව සහ වාත්තීමය වශයෙන් සංවිධානය කිරීම වෙනුවෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි