ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන
7:51am on Saturday 23rd September 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 සැප්තැමිබර් මස 22) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ විසින් පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීක‍ෂාවට ලක් කරන ලදී. පෙළපාලිය අතරතුරදී බලලත් නිළධාරීන් 01, ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 09 දෙනෙකු සහ කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 01 හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර අලූතින් ඉදිකරන ලද කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල එතුමන් විසින් විවෘත කරන ලදී.

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් රත්මලාන කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී. අවසාන වශයෙන් සියලු දෙනාට ස්තූති කරමින් සෑම විටම ගුවන් හමුදාව මෙන්ම තම මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන දෙන ලදී.

ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්

23169      බලලත් නිළධාරී යූ කේ පී එස් දේශප්ප‍්‍රිය      
23774      බල/ සැරයන් සේනාරත්න එස් එම් 
25698      බල/ සැරයන් ගුනරත්න ඩී එන් ඒ
25199      සැරයන් සිල්වා පී එච් එල් එන්
26136      සැරයන් චමින්ද පී කේ
27928      සැරයන් ප‍්‍රසංග එම් ඩබ්ලිව් එන්
28457      සැරයන් ඉන්දික ඩබ්ලිව් පී
28744      සැරයන්  ජයසේකර ජේ ඒ පී එස්
28800      සැරයන්  කුමාරසිංහ ඒ ආර් කේ
28954      සැරයන් චන්ද‍්‍රපාල ආර් ජී කේ එස්
40125      කෝප්ප‍්‍රල් වික‍්‍රමනායක ඩබ්ලිව් සී බී එම්

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි