ඉන්දීය හමුදා උසස් විධායක පාඨමාලාවේ නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
4:53pm on Tuesday 26th September 2017
ඉන්දීය ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරීන්ද ඇතුළුව ඉන්දීය හමුදා උසස් විධායක පාඨමාලාවේ 16 දෙනෙකුගෙන් සමන්විත  නියෝජිත කණ්ඩායමක් සිය පාඨමාලා විදෙස් සංචාරය යටතේ ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින්  පසුගිය 2017 සැප්තැම්බර් මස 25 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එයාර් කොමඩෝර්  සුරේෂ් හොල්ලාන්නාවර්, නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි. ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරී විංග් කමාන්ඩර් අසේල ජයසේකර විසින් ධුත පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළගන්නා ලදී. ධූත පිරිසේ ප‍්‍රධානී එයාර් කොමඩෝර් සුරේෂ් හොල්ලාන්නාවර් විසින් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් හමුවූ අතර එම හමුවීම සිහිපත් කරනු පිණිස දෙපාර්ශවය විසින් සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හා වර්ථමාන සංවර්ධනය පිළිබඳ දේශනයක් ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී ගුවන් මෙහෙයුම් -1 විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි