අන්තර් ඒකක මලල ක‍්‍රීඩා තරඟාවළිය 2017
5:05pm on Wednesday 4th October 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව ගොඩබිම් සටන් පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් හිමි කර ගනිමින් 2017 අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කදවුරු ක‍්‍රීඩාංගනයේදී 2017 ඔක්තෝම්බර් මස 03 වන දින සාර්ථකව නිමා විය.

එහිදී දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසල සහ ගුවන් හමුදා කොළඹ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

මෙම තරඟාවලියේ දක්‍ෂතම මලල කි‍්‍රඩකයාට පිරිනමන ලක්‍ෂ්මන් ද අල්විස් අභියෝගතා කුසලානය ගුවන් හමුදා කොළඹ කඳවුර නියෝජනය කල නායක ගුවන් භට ජයරත්න කේපීවීසී විසින් හිමිකරගනු ලැබූ අතර  විසින් හිමි කර ගැනීමට සමත් වූ අතර දක්‍ෂතම මළල කී‍්‍රඩිකාව සදහා පිරිනමන මලල කි‍්‍රඩා සංගම් සභාපති අභියෝගතා කුසලානය වව්නියාව ගුවන් හමුදා කඳවුර නියෝජනය කල ගුවන් කාන්තා රත්නායක ආර්එම්කේආර් විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදාවේ කි‍්‍රඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීම හා නවක කි‍්‍රඩකයන් හදුනා ගැනීම සදහා අන්තර් ඒකක මලල කි‍්‍රඩා තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර තරඟාවළිය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සංචිතයේ ප‍්‍රවීණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහප දෙනෙක්ම සහභාගී වූ අතර එයින් කිහිප දෙනෙක්ම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතත්‍යන්තර ජයග‍්‍රහණ ලබාගත් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් වේ.

මෙම කි‍්‍රඩා තරඟාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ගුවන් හමුදා මලල කි‍්‍රඩා සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්ඞීඒපී පායෝ ඇතුළු ජේ්‍යෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි