කණිෂ්ඨ ගුවන් බාලදක්ෂ මුලික සාමාජිකත්ව ලාංඡන ප‍්‍රදානෝත්සවය
8:12am on Wednesday 11th October 2017
කණිෂ්ඨ ගුවන් බාලදක්ෂයන් 125 සඳහා සාමාජිකත්වය ලබාදීමේ නිළ ලාංඡන ප‍්‍රදානය කිරීමේ උත්සවයක් ගුවන් හමුදා කොග්ගල කඳවුරේදී 2017 ඔක්තෝබර් 08 වන දින  පවත්වන ලදී.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එචිඩීඑච් ධර්මදාස මහතා සහභාගී විය.

ගාල්ල දිස්ති‍්‍රක් බාලදක්ෂ සංගමයේ කොමසාරිස් කර්නල් ඇන්නා ද අල්විස් මහතා සහ ගාල්ල දිස්ති‍්‍රක් බාලදක්‍ෂ සංගමයේ නියෝජ්‍ය කොමසාරිස් ගාමිණී සොයිසා මහතා යන අය බාලදක්‍ෂ සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

බාලදක්ෂ කණ්ඩායම් ප‍්‍රධාන උපදේශක විංග් කමාන්ඩර් ජේඒපීඑස් ජයවර්ධන, කොළඹ බාලදක්ෂ සමූහයේ උපදේශක විංග් කමාන්ඩර් එල්එස්ආර් පාගොඩ, කොග්ගල බාලදක්ෂ කණ්ඩායම් උපදේශක බළඝණ නායක එච්ජීඩබ්ආර් මේනුවර ඇතුළු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අනෙකුත් ගුවන් බාලදක්ෂයින්ද මෙම ලාංජන ප‍්‍රදානෝත්සවය සදහා සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි