කොළඹ ගුවන් සමුළුව 2017 ආරම්භ කිරීමට සියල්ල සූදානමින්
9:28am on Thursday 12th October 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සමුළුව 2017 විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2017 ඔක්තෝම්බර් මස 12 සහ 13 යන දෙදින පුරා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. කොළඹ ගුවන් සමුළුව 2017 "අසමතුලිත යුධමය තත්වයන් වලදී ගුවන් බලය යෙදවීම" යන්න තේමා කොට ගෙන මෙවර පවත්වනු ලබයි.
 
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම සමුළුව සදහා සහභාගී වීමට නියමිත අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්යරත්න මහතා විසින් ප‍්‍රධාන දේශනය මෙහෙයවීමට නියමිතව ඇත. අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සමුළුව අමතමින් අසමතුලිත යුධමය තත්වයන් වලදී ගුවන් බලය යෙදවීම තේමාව පිළිබද පැහැදිලි කිරීමට නියමිතය.

මෙම වසරේදී රටවල් 17 ක ජාත්යන්තර තරඟකරුවන් 24 ක් ඇතුළුව ආරාධිතයින් 250 දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. නූතන ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව සමුළුවේ මූලික අවධානය වනු ඇත. සැසිවාර හයක් යටතේ පර්යේෂණ පති‍්‍රකා 12 ක් හරහා ,අසමමිතික තර්ජන, යන මාතෘකාව ගැඹුරින් අධ්‍යයනය කිරීමට නියමිතව ඇත.

*    භූමියට ඇති තර්ජන
*    ප‍්‍රාදේශීය භූ දර්ශනයන්
*    උසස් මට්ටමේ තර්ජන
*    ගුවන් බලය සහ කුඩා රාජ්‍යයන්
*    ඩ්‍රෝනයානා මිත‍්‍රයා හෝ සතුරා
*    ගුවන් බලය සහ ත‍්‍රස්තවාදය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි