කොළඹ ගුවන් සමුළුව - 2017 අද උදෑසන 0900 පැයට ආරම්භ විය
8:48am on Friday 13th October 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ තුන් වන වාර්ෂික ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව  ,කොළඹ ගුවන් සමුළුව 2017, අද (2017 ඔක්තෝම්බර් මස 12) දින ඊගල්ස් ලේක් සයිඞ් සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ විය. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ඉරාන හා පකිස්ථාන තානාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන්, විශ‍්‍රාමික ජේ්‍යෂ්ඨ ගුවන් හමුදා නිළධාරීන්, ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, රාජතාන්ති‍්‍රක නිළධාරීන් ඇතුළු විද්වතුන් මෙම සම්මන්ත‍්‍රණය සදහා සහභාගී විය. මෙම වසරේ සමුළුව පවත්වනු ලබන්නේ "අසමමිතික තර්ජන විසඳීමේදී ගුවන් බලය" “Air power in Addressing Asymmetric Threats”යන තේමාව යටතේය.

ආරම්භක සැසි වාරයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පී.ඞී.කේ.ටී ජයසිංහ විසින් හදුන්වාදීමේ දේශනය පවත්වන ලද අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරම්භක දේශනය පවත්වන ලදි. අනතුරුව ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. වර්ථමානයේ අපේ ප‍්‍රධානතම සැලකිල්ල වන්නේ අසමමිතිකව දිග හැරෙන ආරක්‍ෂක තර්ජන හමුවේ ගුවන් බලය යෙදවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. සාම්ප‍්‍රදායික යුධවාදය සහ ආරක්‍ෂක යාන්තී‍්‍රකරණයන්ට උපාය මාර්ගික ක‍්‍රමෝපායන් උපක‍්‍රම සහ සමහර අවස්ථා වල රාජතාන්ති‍්‍රක උපාය මාර්ග පවා අභියෝගයට ලක් වේ. සයිබර් ප‍්‍රහාර, ඩ්‍රොන් යාත‍්‍රා, කඩාකප්පල් කිරීම්, මරාගෙන මැරෙන ප‍්‍රහාර, ත‍්‍රස්ත උපක‍්‍රම, මාධ්‍ය ප‍්‍රචාරණ, ගරිල්ලා ප‍්‍රහාර හා බිය උපදවන බොහෝ සිද්ධීන් අද දින සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇත. අසමමිතික තර්ජන වඩාත් සංකිර්ණයි. ආරක්‍ෂක තර්ජන ලෙස සලකා කටයුතු කිරීමේදී ඔවුන්ගේ ගතික ස්වභාවය පෙන්නුමි කරනු ලබයි.

අනතුරුව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ප‍්‍රධාන දේශනය පවත්වන ලදි.

පළමු දින සම්මන්ත‍්‍රණය සැසි 04 කින් සමන්විත වූ අතර එහිදී අනු මාතෘකාවන් වන නව තර්ජන, ප‍්‍රාදේශීය භූ දර්ශන, සංකීර්ණ තර්ජන, ගුවන් බලය සහ කුඩා රාජ්‍යයන් යටතේ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි. විදේශීය හා දේශීය භාෂා කථිකාචාර්්‍යවරුන් 08 දෙනෙකු ආරම්භක දින සැසි වාර වලදී තම දැනුම හුවමාරු කර ගන්නා ලදි.

ගුවන් ආරක්‍ෂක සමුළුව දෙවන හා අවසන් දිනය හෙට වන අතර එය සැසිවාර දෙකකින් සමන්විත වේ. දෙවන දිනයේදී විදේශීය හා දේශීය කථිකයින් 04 දෙනෙකු සිය දැනුම හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි