කොළඹ ගුවන් සමුළුව 2017 දෙවන දිනය
1:35am on Saturday 14th October 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව 3 වන වරටත් සංවිධානය කරන ලද කොළඹ ගුවන් සමුළුව පළමු දින සාර්ථකව අවසන් කිරීමෙන් පසු දෙවන දිනය වන අද (2017 ඔක්තෝම්බර් 13) දින  සැසිවාරය චමත්කාරජනක සංස්කෘතික සංදර්ශනයක් සමගින් අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලාවේදී උදෑසන ආරම්භ විය.

මෙම සම්මන්ත‍්‍රණය පවත්වනු ලැබුවේ ,අසමමිතික තර්ජන විසඳීමේදී ගුවන් බලය, යන තේමාව යටතේය.

පළමු දින සම්මන්ත‍්‍රණය සැසි 04 කින් සමන්විත වූ අතර එහිදී අනු මාතෘකාවන් වන නව තර්ජ,ල ප‍්‍රාදේශීය භූ දර්ශන, සංකීර්ණ තර්ජන, ගුවන් බලය සහ කුඩා රාජ්‍යයන් යටතේ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි. විදේශීය හා දේශීය භාෂා කථිකාචාර්්‍යවරුන් 08 දෙනෙකු ආරම්භක දින සැසි වාර වලදී තම දැනුම හුවමාරු කර ගන්නා ලදි'

දෙවන දිනයේ ආරාධිත කථිකයින් සිව් දෙනා විසින් ඉදිරිපත් කරන ලද සැසිවාර දෙක අතර අසමමිතික තර්ජන පිළිබඳ මාතෘකාව පිළිබඳ ඉදිරිපත් කිරීම් සහ ගැටළු ඉදිරිපත් කරන ලදී.

ගුවන් සමුළුව 2017 මෙවර සමුළුවේ සභාපති ලෙස එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්ත නිළධාරී කටයුතු කල අතර සමුළුව අවසානයේ ඔහු විසින් සියළු දෙනා අමතා ස්තුතිය කතාව සිදු කරන ලදි. 2017 කොළඹ ගුවන් සමුළුව සාර්ථකව අවසන් කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි