මඩකලපුව ගුවන් හමුදා කඳවුරට නව ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරියක්
5:36pm on Thursday 19th October 2017
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා විසින් අද (2017 ඔක්තෝම්බර් මස 19) දින විවෘත කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම නව ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරියේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය මගින් ඉතා කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.

ප‍්‍රධාන විනයාරක්‍ෂක නිළධාරී එයාර් කොමඩෝර් වීපී බාලසූරිය, මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වීකේඒඑස්ඩබ් විතාන, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි