අම්පාර හිමදුරාව විහාරස්ථානයේ අළුතින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය සහ ගැමුණු පෙර පාසලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරෙ
2:22pm on Friday 20th October 2017
අම්පාර හිමදුරාව විහාරස්ථානයේ අළුතින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය සහ ගැමුණු පෙර පාසලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද (2017 ඔක්තෝම්බර් මස 19 වන) දින ගුවන් හමුදාධාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා විසින් සිදු කරන ලදී. 2017 ඔක්තෝම්බර් මස 19 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැවති පැැරෂුට් භටයින්ගේ විසිර යාමේ පෙළපාලිය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි සංචාරය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙම විවෘත කිරීම් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අළුතින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය



ගැමුණු පෙර පාසලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි