අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළිය 2017
8:44pm on Friday 20th October 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හිදී පවත්වනු ලැබූ පස්වන අත්නර් ඒකක ගෝල්ෆ් තරඟාවළීයේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පසුගිය 2017 ඔක්තෝම්බර් මස 18 වන දින සමත්කම් දක්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තරඟාවළීය ආරම්භ කෙරුණු අතර 2017 නොවැම්බර් මස 12 වන දින සිට 2017 නොවැම්බර් මස 19 වන දින දක්වා චීනවරාය ඊගල්ස් ගෝලෆ් ලින්ක්ස් හිදී පැවැත්වීමට නියමිත 11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය ඉලක්ක කරගනිමින්   පවත්වන ලදී.

තරඟාවළිය ගෝල්ෆ් සිදුරු 18 කින් සමන්විතව එක්වටයක තරඟයක් ලෙස පවත්වනු ලැබූ අතර ඒ සඳහා ක‍්‍රීඩිකාවන් 04 දෙනෙකුගෙන් සමන්විතව කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 54 දෙනෙක් සහභාගී විය. ඡුීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායම තම හැකියාවන් විදහා දක්වමින් ස්ටේබල්ෆෝර්ඩ් ක‍්‍රමයට ප‍්‍රසාද ලකුණු 79 ක් ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදී. කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තරඟාවළියේ අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

තරඟාවළිය කාණ්ඩ දෙකක් යටතේ පවත්වන ලද අතර අන්තර් ඒකක විවෘත තරඟාවළිය සහ විවෘත තරඟාවළිය වයස අවු 45 ට වැඩි කාණ්ඩය ලෙස පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිපඑයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, චීනවරාය විද්‍යාපීඨ පීඨාධිපති ඇතුළු නිළධාරීන් රැුසක් ඒ සඳහා සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි