කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
1:10pm on Thursday 26th October 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 33 වැනි සංවත්සර දිනය 2017 ඔක්තෝබර් 19 දින සමාජීය ආගමික සහ කි‍්‍රඩා කටයුතු වලට මුල්තැන දෙමින් සමරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව ගාල්ලේ සමබෝධි අනාථ නිවාසය කේන්ද‍්‍ර කර ගනිමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කල අතර අනාථ නිවාසයේ භාවිතය සදහා පිරිසිදු කිරීමේ ද‍්‍රව්‍යයන් ආධාර වශයෙන් ප‍්‍රදානය කරන ලදි.

මෙයට සමගාමීව කදවුරු පරිශ‍්‍රය තුල පිරිත් සජ්ජායනයක් සහ දානමය පිංකමක් පැවැත්විණි.

කඳවුරු සංවත්සර දිනය ආරම්භ කරමින් එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස නිළධාරීගේ ප‍්‍රධානත්වයෙන් කදවුරු වැඩ පෙළපාලිය පවත්වන ලදි.  අනතුරුව සංවත්සර සැමරුම අවසන් කරමින් කදවුරු පරශ‍්‍රයේ පැළ සිටුවීමේ වැඩසටහනක් සහ කදවුරු සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි