අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය 2017
11:17am on Tuesday 31st October 2017
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය පසුගිය 2017 ඔක්තෝම්බර් මස 25 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී මොරවැව ගුවන් හමුදා කඳවුරු සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් පිළිවෙලින් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් නියෝජ්‍ය අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්එල්ආර්පී රොද‍්‍රිගෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෘප් කැප්ටන් කේසී ගීතප‍්‍රිය, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි