වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 05 වන සංවත්සරය සමරයි
1:34pm on Wednesday 8th November 2017
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 05 වන සංවත්සරය පසුගිය 2017 නොවැම්බර් මස 05 වන දින සමරන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේකේඒකේ කළුආරච්චිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් මාලාවක් සංවත්සරය වෙනුවෙන් ක‍්‍රිවයාත්මක කරන ලදී.

සංවත්සර දින සැමරුම සංවත්සර පෙළපාලිය සමගින් ආරම්භ කරන ලද අතර පෙළපාලිය නිරීක්‍ෂණය අණදෙන නිළධාරීතුමන් විසින් සිදු කරන ලදී. අනතුරුව සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක්, වොලිබෝල් තරඟාවළියක් සහ පාපන්දු තරඟාවළියක් පවත්වන ලද අතර සියළුම නිළයන් සඳහා දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී. කඳවුරේ සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් රාත‍්‍රි සංගීත ප‍්‍රසංගයක්ද පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව පම්පෙයිමඩු, ශාන්ත තෙරේසා වැඩිහිටි නිවාසයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සහ දානමය වැඩසටහනක් 207 නොවැම්බර් මස 03 වන දින පවත්වන ලදී. 2017 ඔක්තෝම්බර් මස 31 වන දින ජාතික ලේ දන්දීමේ සේවාවේ සහයෝගයෙන් කඳවුරු සියළුම සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි