ඉන්ෆෝටෙල් 2017 ප‍්‍රදර්ශනයේදී ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණික අංශය සම්මාන දිනයි
2:27pm on Wednesday 8th November 2017
ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණික කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද ඉන්ෆෝටෙල් 2017 ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණික ඒකකය විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රදර්ශන කුටිය වෙනුවෙන් ”සමාජ බලපෑම පිළිබිඹු කිරීම වෙනුවෙන් හොඳම ප‍්‍රදර්ශනය සහ ආදර්ශනය” සඳහා සම්මාන දිනා ගන්නා ලදී. මෙම ප‍්‍රදර්ශන කුටිය ප‍්‍රධාන වශයෙන්ම සයිබර් ආරක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් තොරතුරු තාක්‍ෂණ ඒකකයේ සයිබර් ආරක්‍ෂණ අංශයේ නිළධාරීන් සහ ගුවන් භටයින් යොදගනිමින් ගුවන් හමුදා විධායක තොරතුරු තාක්‍ෂණ නිළධාරී එයාර් කොමඩොර් අරෝෂ් විතාන ගේ මගපෙන්වීම යටතේ සංකල්පනය කරන ලදී.

ඉන්ෆෝටෙල් යනු දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ තරෙතුරු තාක්‍සණ සමුළුවකි. ප‍්‍රදර්ශනය 2017 නොවැම්බර් මස 02 වන දින සිට 05 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ අංශයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. සම්මාන ප‍්‍රදානය 2017 නොවැම්බර ්මස 04 වන දින හිල්ටන් රෙසිඩන්සිහිදී පවත්වන ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ප5දර්ශන කුටුය මෙම කාණ්ඩයේ හොඳම ප්රදර්ශන කුටිය ලෙස තේරී පත්වීම සයිබර් ආරක්ෂක ක්‍ෂේත‍්‍රයේ ගුවන් හමුදාව සතු හැකියාවන් පෙන්නුම් කරයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි