ගුවන් හමුදාධිපතිතුමන් 04 වන වාර්ෂික අන්තර්ජාතික ආපදා කළමණාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධාන සමුළුවට සහභාගී වෙයි
3:25pm on Friday 24th November 2017
ආපදා කළමණාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය මගින් සංවිධානය කරනු ලබන 04 වන වාර්ෂික අන්තර්ජාතික සමුළුව මෙවර ශ‍්‍රි ලංකාවේදී පවත්වන ලදී.  මෙවර සමුළුව නොවැම්බර් මස 22 වන දින කොලඹ හිල්ටන් හෝටලයේදී නාගරික ශක්තිය : ආපදා මධ්‍යයේ ගොඩනැගිලි ඇතුළු තරඟකාරී නගර යන තේමාව යටතේ පවත්වන ලදී.

මෙම සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රි ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහභාගී විය. ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු මෙම සමුළුව සඳහා සහභාගී විය. මෙම සමුළුව සඳහා රාජ්‍ය අංශයේ නියෝජිතයින්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජියේ නියෝජිතයින්, රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින්, රාජ්‍යි නියෝජිතයින්, හමුදා නිළධාරීන් සහ මාධ්‍ය නියෝජිතයින් රැුසක් සහභාගී වූහ.

ආපදා කළමණාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය ජපානයට අනුබද්ධිත ආයතනයක් වන අතර ශ‍්‍රි ලංකාව පුරා, ආපදා සූදානම් වීම සම්බන්ධිකරණය සහ සහාය දීම, ස්ථායීකරණය, ආපදා අවදානම අවම කිරීම, ශක්‍යතා ගොඩනැගීම සහ සහන කටයුතු සිදු කිරීම මෙහි අරමුණු වෙයි. මෙය 2014 වසරේදී ස්ථාපිත කරන ලද අතර වල රාජ්‍ය හා පෞද්ගලික අංශය සම්බන්ධ ආයතන සහ සංවිධානයන්හි මානුෂීය , සංවර්ධන සහ ආයතනික සමාජ වගකීම් ක‍්‍රියාකාරකම් පිළිබඳව කටයුතු කරනු ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි