ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කදවුර සිය 28 වන සංවත්සරය සමරයි
10:00am on Friday 1st December 2017
ගුවන් හමුදා අම්පාර කදවුර සිය 28 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම  විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියලුම අයවලුන්ට ස්තුතිය පුද කල අතර කදවුරේ ඉතිහාසය පිලිබදව කෙටි හැදින්වීමක් සිදු කරන ලදි. ඒවාගේම මානුෂීය මෙහෙයුම් කාලයේදී ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ ස්වාභාවික විපත්වලදී දැක්වූ දායකත්වය ඇතුලු අනාගත අභියෝග හා එහි වගකීම් පිළිබදව ගුවන් හමුදා කාර්ය භාරය පිළිබදව දැනුවත් කරන ලදි.

මෙදිනට සමගාමීව අම්පාර හිමිදුරාව  පාසල පිරිසිදු කිරිමේ වැඩසටහනක් හා දරු දැරියන් සදහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද ලේ දන්දීමේ වැඩසටහනක් ද අම්පාර පොදු සුසාන භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක කරන ලදි. අනතුරුව සියලුම නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සහැල්ලු පන්දු කි‍්‍රකටි තරඟාවලියක් සංවිධානය කරන ලදි.

සංවත්සර දිනයේ එක් අංගයක් ලෙස කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම ගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලු නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්  සර්ව රාති‍්‍රක පිරිත් දේශනයක් පැවැත්වූ අතර ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් යුධ සමයේ ජීවිත පූජා කල ගුවන් හමුදා රණවිරුවන් සහ අනෙකුත් හමුදාමය රණවිරුවන් හට සෙත්පතා පසුදින මහා සංඝරත්නය හට අටපිරිකර පුජා කරමින් දානය පිළිගන්වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි