ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවලිය - 2017
10:34am on Friday 1st December 2017
2017 අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළිය පසුගිය 2017 නොවැම්බර් මස 29 වන දින කටුනායක මූලික  ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. තියුණු තරඟයකින් අවසන් වූ මෙවර තරගාවලියේ ශුරතාවය ගුවන් හමුදා කටුනායක මූලික  කඳවුරු කණ්ඩායම දිනාගත් අතර අනුශුරතාවය ගුවන් හමුදා චීන වරාය කඳවුර විසින් දිනාගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස්ඩී කොටගේ, ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි