සෙරිනිටි කොටේජ් සහ ස්ක්වයිරල් ලීප් නිවාඩු නිකේතන ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ
9:46am on Friday 22nd December 2017
මීරීගම ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද සෙරිනිටි කොටේජ් නිළධාරී නිවාඩු නිකේතනය සහ ස්ක්වයිරල් ලීප් සෙසු නිළ නිවාඩු නිකේතනය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් 2017 දෙසැම්බර් මස 21 වන දින සිදු කරන ලදී. මෙම නිවාඩු නිකේතනයන්හි ඉදිකිරීමේ ව්‍යාපෘතිය සැලසුම සහ ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මගින් සිදු කරන ලදී.

මෙම නිවාඩු නිකේතන ද්විත්වයම සියළුම පහසුක්මවලින් පරිපූර්ණ වන අතර එකිනෙකුට වෙන්වූ නානකාමර සහිත සුඛෝපභෝගී වායුසමනය කරන ලද කාමර වලින් සමන්විත වේ. වායසමුනය නොකල ආලින්දයකින්, රූපවාහිනී යන්ත‍්‍ර සහ සියළු උපකරණයන්ගෙන් සමන්විත වූ මුළුතැන්ගෙයකින් සමන්විත වෙයි.

මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ලසන්ත දහනායක, නිළදාරීන් සහ සෙසු නිළයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සෙරිනිටි කොටේජ්”  නිළධාරී නිවාඩු නිකේතනය


ස්ක්වයිරල් ලීප්”  සෙසු නිළ නිවාඩු නිකේතනය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි