ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2018 නව වසරේ රාජකාරි අරඹයි
10:42am on Wednesday 3rd January 2018
2018 නව වසරේ පළමු රාජකාරී දිනයේ රාජකාරීන් අරඹමින් 2018 ජනවාරි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් හමුදාවේ සියළු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් හට සිය ශුභාෂිංසන පිරිනමන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් 2018 වසරේදී ජාතියේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සාඩම්බරයෙන් පෙනී සිටීමටත් දේශයේ තිරසාර සංවර්ධනයට ක‍්‍රියාශීලීව දායක වීමටත් හැකිවනු ඇති බව ප‍්‍රකාශ කරන ලදී.

මෙම සියළු වැඩසටහන සජීවීව සියළුම ගුවන් හමුදා කඳවුරු වලදී විකාශනය කරන ලදී. දිනයේ රාජකාරීන් ආරම්භ කරමින් ජාතික ධජය ඔසවා රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව කියවීම සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය,  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම් මහත්මීන් රැසක් සහභාගී වූහ.

2017 වසරේදී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන වසර 2017 වසරේ අත්දැකීම් සහ වගකීම් මතින් ශක්තිමත් වූ බව සිහිපත් කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය වසර තුළදී සිදු කරන ලද ක‍්‍රියාමාර්ග සහ ව්‍යාපෘතීන් හෙතුවෙන් ගුවන් හමුදාවේ සහ එහි සේවයේ නියුතු පුද්ගලයන්ගේ කැපී පෙනෙන දියුණුවක් ඇති වී ඇති බව ගුවන් හමුදාධිපතිතුමන් විශ්වාස කරන බව පැවසීය. එසේම ගුවන් හමුදාව ගුවන් හමුදා සාමාජිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා සහ ගුවන් හමුදා ශූභ සාධන සහ විනෝදාත්මක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද බොහෝ ව්‍යාපෘතීන් අවසන් කර ඇති අතර එම ව්‍යාපෘති වල සාර්ථකත්වය ගුවන් හමුදා සාමජිකයන් සියළු දෙනාම ලද සුවිශාල ජයග‍්‍රහණයක් බව සිහිපත් කරන ලදී.

2018 වසරේදී ගුවන් හමුදාව ජාතික ආරක්‍ෂාව සහ එහි වගකීම් ඉටකිරීම ශ‍්‍රී ලංකාවේදී පමණක් නොව එහි වෙරළෙන් ඔබ්බට ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරීන් සඳහාද සිය දායකත්වය සපයමින් සිය වගකීම ඉටුකරනු ඇති බව ගුවන් හමුදාධිපතිතුමන් සහතික කරන ලදී. එසේම, දිවයිනේ තිරසාර කෘෂීකාර්මික සංවර්ධනයක් ලඟාකරගැනීම සඳහා රජය දරණ උත්සාහයට ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ගුවන් හමුදාධිපතිතුමන් ප‍්‍රකාශ කරන ලදී.

එසේම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ශුභසාධනය සහතික කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බව සහතික කරන ලදී.

එසේම, ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී ගුවන් හමුදාවට සහ එහි සාමාජිකයන්ට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් සිදු කිරීමද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි