දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
5:34pm on Friday 3rd September 2010
ශ්‍රීලංකා ගුවන් හමුදාවේ රත්මලාන කදවුරු පරිශ්‍රයේ පිහිටා ඇති අංක 02 භාණ්ඩ ප්‍රවාහන බලඝණය ඊයේ (02) සිය 53 වන සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.

1957 වර්ෂයේ බලපන්ති ලුතිනන් පී එච් මෙන්ඩිස්ගේ මුලීකත්වයෙන් ආරම්භ කරන ලද මෙම බලඝණයේ වර්තමාන අණදෙන නිල්ධාරී ලෙස ගෲප් කපිතාන් උදේනී රාජපක්ෂ කටයුතු කරනු ලබයි.

ගුවන් හමුදාවේ සුවුශේෂී කාර්යක් ඉටු කරන අංක 02 බලඝණය යුධ භටයින් ප්‍රවාහනය, භාන්ඩ ප්‍රවාහනය, මගීන් ප්‍රවාහනය, විශේෂ මෙන්ම අති විශේෂ ප්‍රභූන් ප්‍රවාහනය සේම විශේෂ මෙහෙයුම්, පැරෂුට් පැනීම්, සීමිත උසකින් ගමන් කරමින් අත්‍යාවශ්‍යය දැ හෙලීම් සහ උපායශීලී මෙහෙයුම් සිදු කිරීම් ආදී සුවිශේෂී රාජකාරීන් සිදුකරණු ලබයි.

අංක 02 බලඝනය ආරම්භ කරමින්  Speed Oxford's, Prestwick
Pioneer's, De Havilland Dove's, and S-51 Dragon Fly helicopters යානා වලින් සමන්විත වූ අතර , පසුකාලයේදී  C-130,s, An- 32's and Golden Eagle air craft යන යානා වලින් සමන්විත් විය.

අභිමානවත් 53 වන සංවත්සරය හා සමගාමීව ශ්‍රී ලංකාවේ භෞමික අකණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ නියමුවන් සහ අනෙකුත් නිළයන් ඇතුළු සියලු පුද්ගයන් අනුස්මරණය කරමින් රත්මලාන ර
විරු ස්මාරකය අසල සැමරුම් පෙලපාලියක් අණදෙන නිලධාරී ඇතුළු බලණයේ සියළු පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි