ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
2:00pm on Saturday 4th September 2010
ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල 2010 සැප්තැම්බර් මස 03 දින සවස 0400පැයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රිඩා කමිටු සභාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

විශිෂ්ඨතම ක්‍රීඩකයින් ලොවට හදුන්වාදෙන ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා කණ්ඩායම් තුන යුධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායම් බව අවිවාදයෙන් සදහන් කල හැක.ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා තරගාවලියක් වන අතර ඒ තුලින් දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිවන අතර ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඒ තුලින් වැඩි දියුණු කර ගැනීමට හැකියාව තිබේ. 2010 සැප්තැම්බර් මස 03 දින සිට ඔක්තෝම්බර් මස 01 දින දක්වා ක්‍රීඩා ඉසව් 27ක් වෙනුවෙන් යුධ, ගුවන් සහ නාවික හමුදා තරග කරුවන් 1200 ට අදික ප්‍රමාණයක් තරග වැදීමට නියමිතය.

2010 ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය මෙන්ම මෙවර ක්‍රීඩා උළෙලේ සියළු සංවිධායක කටයුතු ගුවන් හමුදාවට හිමි විය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රිඩා කමිටු සභාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩී.ඩ්බ්.ඒ.එන් දිසානායක ඇතුළු ත්‍රිවිධ හමුදාවන්හි උසස් නිළධාරීන් රැසක් මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගීවිය.චාරිත්‍රානුකූල ඔලිම්පික් පහණ දැල්වීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රිඩා කමිටු සභාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් නිළ වශයෙන් ක්‍රීඩා තරගාවලිය ආරම්භ කෙරිණි.

 ගුවන් හමුදාව 2009 වර්ෂයේ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ජයගත් අතර මෙවර මෙම තරගාවලිය නොකඩවා ජය ගැනීමට ගුවන් හමුදාව සියළු  ප්‍රයන්ත දරනු ඇත.





සංස්කෘතික අංගය



සරඹ සංදර්ශනය



තූර්ය වාදක සංදර්ශනය


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි