අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයෙන් සමාජ සත්කාරක සේවාවක්
10:47am on Tuesday 30th January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරමින් ගල්ඔය ප‍්‍රදේශයේ පවුලක් හට නිවසක් තනා ප‍්‍රදානය කිරීම 2018 ජනවාරි මස 28 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී. අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම්එස්පීබී කුලතුංග ඇතුළු බළඝණයේ සාමාජිකයින් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

දරුවන් පස්දෙනෙකුගේ මවක් වන ඩබ් ධම්මිකා මහත්මිය හට මෙම නිවස ප‍්‍රදානය කරන ලද අතර නිදන කාමර 03කින් සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු සියළු පහසුකම් වලින් මෙම නිවස සමන්විත වෙයි. එසේම, අංක 09 ප‍්‍රහාරක බලඝණයේ සාමාජිකයන් විසින් නිවස සඳහා අවශ්‍ය සියළුම ගෘහභාණ්ඩ සහ නිදන කාමර උපකරණ පරිත්‍යාග කරන ලදී. හිඟුරක්ගොඩ දිසා ලේකම් කාර්යාලය සහ සමාජ සත්කාරක කටයුතු සඳහා සුභ පතන්නන් විසින් මෙම ව්‍යාපෘතියට අදාල අමුද‍්‍රව්‍ය සපයන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි