දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
3:31pm on Tuesday 7th September 2010
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු දෙවන පෙළ කාන්තා ක්‍රිකට්
තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට  ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

මුලික වටයේ තරගවලදී කණ්ඩායම් හතරක් සමග තරග කළ ගුවන් හමුදා කණ්ඩායම අවසන් පුර්ව තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරගය ඊයේ (06) දින මුවර්ස් ක්‍රීඩා පිටියේදී පැවති අතර සීනිගම
ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජයට පත් කරමින් කඩුළු හතක විශිෂ්ඨ ජයක් ලැබීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකිවිය.

සීනිගම ක්‍රීඩා සමාජය - 115/9 (පන්දුවාර 30)

එච් ගාල්ලගේ - 38
එම් ඒ ඒ සංජීවනී - 29

සදුනි අබේවික්‍රම 18/4
ඔෂධී රණසිංහ 16/3

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 119/3 (පන්දුවාර 15)

චමරි අතපත්තු - 59 (නොදැවී)
සදුනි අබේවික්‍රම - 30 (නොදැවී)


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි