ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 70 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි
12:55pm on Tuesday 6th February 2018
ශ්‍රී ලංකා 70 වැනි ජාතික නිදහස් දින සැමරුම 2018 පෙබරවාරි මස 04 වන දින අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ එම මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම ඓතිහාසික අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්, එංගලන්ත අගරැුජිණ නියෝජනය කරමින් වෙසෙක්ස් ප‍්‍රාන්තයේ අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොෆියා රෙයිස් ජෝන්ස් කුමරිය, කථානායකතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, අග්‍රවිනිශ්චයකාරතුමන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් ද විවිධ ආගමික පූජකඋතුමන්ලා සහ විවිධ රටවල තානාපතිවරුන් ඇතුලු විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මගුල් බෙර හා සක් හඬ මධ්‍යයේ ජාතික කොඩිය ඔසවමින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර ඉන්පසුව  ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් විසින් ජනාධිපතිතුමන් විශේෂ පීඨීකාව වෙත කඳවාගෙන යන ලදී. අනතුරුව, විශේෂ පීඨිකාව ඉදිරිපිට පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජාතික ගීය සහ තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ”ජය මංගල ගාථා” සහ ”දේවෝ වස්සතු කාලේන” ගායනා කරන ලදී.

අනතුරුව සන්නද්ධ හමුදාවන් විසින් පැවැත්වූ ආචාර වෙඩිමුර 21 න් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ආචාර පෙළපාලියේ සම්බන්ධීකාරක ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ කටයුතු කරනු ලැබූ අතර ගුවන්යානා පෙළපාලිය බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක්,  එම් අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා 04ක්, සෙස්නා 150 වර්ගයේ ගුවන්යානා පහක්ද, ඵීටී-6 වර්ගයේ ගුවන් යානා  තුනක්ද, වයි- 12 ගුවන් යානා යානා 04ක්, බීච් ක්‍රාෆ්ට් බී-200 වර්ගයේ යානා 02ක්, සී- 130 වර්ගයේ යානයක්, ඇන්ටනෝව් 32 වර්ගයේ යානයක්, එම්ඵ් 60 වර්ගයේ යානයක්, කේ-8 වර්ගයේ ජෙට් ගුවන් යානා 03ක්, කෆීර් ගුවන් යානාවක් සහ එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා තුනක් ඇතුලළුව ගුවන් යානා 30 කින් සමන්විත විය. ගුවන් යානා පෙළපාළියේ මගපෙන්වීමේ නිළධාරීන්  ලෙස විංග් කමාන්ඩර් සනත් ප‍්‍රනාන්දු, ස්කොඩ්‍රන් ලීඩර් චානක මාලිගස්පේ, ස්කොඩ්‍්‍රන් ලීඩර් කෙලුප් රූපසිංහ සහ ෆ්ලයිං ඔෆිසර් එරංග ගමගේ කටයුතු කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ගුවන් යානා සංදර්ශනයේ සම්බන්ධිකරණය කටයුතු සිදුකරන ලදී.

එසේම තවත් එත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකය මෙවර 70 වන නිදහස් දින සැමරුම් පෙළපාලියට එක්වන ලදී.

සමස්ථ ගුවන් හමුදා ආචාර පෙළපාලියෙහි අණදෙන්නා ලෙස එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා කටයුතු කරන ලදී. ගුවන් හමුදා නිළධාරීන් 40 දෙනෙක්,  ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 800 දෙනෙකු  ජනාධිපතිතුමන් හට ආචාර කිරීම සදහා පෙළපාලියට එක්වූහ. බලඝණ 5කින් සමන්විත වූ ගුවන් හමුදා ආචාර පෙළපාලියේ, පෙළපාලි අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් ආනන්ද කුමාරසිරි කටයුතු කරන ලද අතර ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථමවතාවට ගෲප් කැප්ටන් චන්දන අමරසිංහ ති‍්‍රවිධ හමුදා වාද්‍ය කණ්ඩායමට අණදෙන ලදී. ගුවන් හමුදා පළමු බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් කුලතුංග, දෙවන බළඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් අසේල විතාන, තුන්වන බලඝණය වන ගුවන් කාන්තා බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලිීඩර් විලුදනී යටවර විසින් අණදෙන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් රොමේෂ් බැස්ටින් කටයුතු කරන ලද අතර පළමු වතාවට නිදහස් දින පෙළපාලියකට එක්වූ ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් ඒකකය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් සුමේධ රිටිගල විසින් අණදෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි