ගුවන් හමුදා නිළධාරිනියන්ට සහ ගුවන් කාන්තාවන්ට පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ වැඩසටහනක්
10:44am on Tuesday 13th February 2018
ශ‍්‍රි ලංකා  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදාවේ කාන්තා නිළධාරිනියන් සහ ගුවන් කාන්තාවන් උදෙසා සංවිධානය කරන ලද පෞද්ගලික ස්වස්ථාව පිළිබඳ වැඩමුළුවක් පසුගිය 2018 පෙබරවාරි මස 08 වන දින කොලඹ ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

”අරුමැසි ගැහැණිය” නමින් හැඳින්වෙන අමා දිසානායක මහත්මිය විසින් ආතතිය කළමනාකරණය, පෞද්ගලික කළමනාකරණය සහ වැඩ ආතතිය කළමනාකරණය යටතේ වැඩසටහන මෙහෙයවන ලදී.

මෙහිදී අමා දිසානායක මහත්මිය විසින් සිය අත්දැකීම් හා වටිනා කරුණු සහ උපදෙස් මගින් කාන්තාවක්, භාර්යාවක්, මවක් සහ සේවා කාන්තාවක් වශයෙන් තම ජීවිතය ගෙන යන අයුරු පැහැදිලි කර දෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි