ජාතික කැරම් තරඟාවලියේදී ගුවන් හමුදාවෙන් විශිෂ්ට දස්කම්
11:49am on Wednesday 21st February 2018
ජාතික කැරම් සම්මේලනය මගින් සංවිධානය කරන ලද 49 වන ජාතික කැරම් තරඟාවලියේ සම්මාන ප‍්‍රධානෝත්සවය පසුගිය පෙබරවාරි මස 18 වන දින කොහුවල පිහිටි ජාතික කැරම් සම්මේලන පරිශ‍්‍රයේදී පැවැත්විනි. මෙම තරඟාවලිය සඳහා යුධ,  නාවික, ගුවන් ඇතුළු කන්ඩායම් 20 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 200 කට අදික පිරිසක් සහාභාගි විය.

මෙම තරඟාවලියේදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 01ක් ලබාගත් අතර නායක ගුවන් කාන්තා ලියනගේ සී එල් ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයත්  නායක ගුවන් කාන්තා රාහුබද්ධ ආර් කේ වයි කාන්තා ශුරතාවයත් හිමිකර ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි