'ගම හදා ගමු' ග‍්‍රාමීය මත්ද‍්‍රව්‍ය නිවාරණ වැඩසටහන
1:12pm on Wednesday 28th February 2018
අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන ”මතින් නිදහස් රටක්” ජාතික ව්‍යාපාරය යටතේ ග‍්‍රාමීය මට්ටමින් ක‍්‍රියාත්මක කරනු ලබන  ”ගම හදා ගමු” වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් 2018 පෙබරවාරි මස 23 වන දින ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී. ගම්වැසියන්ගේ සහ සමාජයේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන්ගේ සහයෝගයෙන් මත්ද‍්‍රව්‍ය ජාවාරම් සහ විකිනීමේ නිරතව සිටින නීති විරෝධී මත්ද‍්‍රව්‍ය වෙළෙඳුන් හට දැඩි ලෙස බලපෑම් කිරීම තුළින් මත්ද‍්‍රව්‍ය නිවාරණය සඳහා තිරසාර යාන්ත‍්‍රණයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ග‍්‍රාමීය මට්ටමින් නීතිවිරෝධී මත්ද‍්‍රව්‍ය නිශ්පාදනය සහ විකිණීම අවම කිරීම ගම හදා ගමු වැඩසටහනේ අරමුණ වෙයි. මෙම වැඩසටහන තුළින් ප‍්‍රජා අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන අතර මත්ද‍්‍රව්‍ය භාවිතාකරන්නන් පුනරුත්ථාපනය කිරීම සඳහා පියවර ගනු ඇත.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙම සමාරම්භක උත්සවය අමතන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාධීපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මැති ඇමතිවරුන්, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, අද්‍යෘප අධ්‍යක්‍ෂකවරුන්, අනෙකුත් සිවිල් නිළධාරීන් සහ ත‍්‍රිවිධ හමුදා උසස් නිලධාරීන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි