අනුරාධපුර අංක 01 කණිෂ්ඨ ගුවන් බාලදක්ෂ කණ්ඩායමට මූලික සාමාජිකත්ව ලාංඡුන ප‍්‍රදානය කරයි
1:14pm on Wednesday 28th February 2018
අනුරාධපුර අංක 01 කණිෂ්ඨ ගුවන් බාලදක්ෂ කණ්ඩායමට අළුතින් එක්වූ කණ්ෂ්ඨ බාලදක්ෂයින් 49 දෙනෙකු හට මූලික සාමාජිකත්ව ලාංඡුන ප‍්‍රදානය කිරීම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී 2018 පෙබරවාරි මස 24 වන දින සිදු කරන ලදී.

අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බාලදක්ෂ කොමසාරිස් එම්ජී පොඩිනිලමේ මහතා, සහකාර දිස්ත‍්‍රික් කොමසාරිස් එස්සී නවරත්න, ගාල්ල දිස්ත‍්‍රික් බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් ලාංඡුන ලේකම් එන්ඩී රැුටියල මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

(අනුරාධපුර දස්ත‍්‍රික් ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ* කණ්ඩායම් බාලදක්ෂ නායක ෆ්ලයිං ඔෆිසර් ඒඑම්එල් ඇරුව්වල සහ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ අනෙකුත් බාලදක්ෂ නායකයින් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි