අන්තර් ඒකක පාපන්දු ශූරතාවය 2018
2:06pm on Thursday 8th March 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රෙජීමෙන්තු පුහුණු පාසල හා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවලින් 2018 අන්තර් ඒකක පාපන්දු පිරිමි හා කන්තා ශූරතාවයන් දිනා ගැනීමට පසුගිය පෙබරවාරි මස 28 වන දින සමත්කම් දක්වන ලදී.

අවසන් තරඟයේදී වන්නි රෙජීමෙන්තු පුහුණු පාසල ගෝල 3-1 ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කන්ඩායම පරාජය කල අතර  කාන්තා තරගයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් කොළඹ කඳවුර 3-1 ලෙස පරාජයට පත්කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු අනදෙන නිළදාරී එයා වයිෂ් මාර්ශල් ප‍්‍රසන්න පායෝ  මහතා මෙහි ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා ඇතුළු  නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි