ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නිමාවෙයි
1:29pm on Monday 12th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද 2018 ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය 2018 මාර්තු මස 05 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් නිමාවට පත්විය.

පළමු දිනයේදී ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා 14027 ක් පමණ සහභාගී වූ අතර දෙවන දිනයේදී 45000 කට ආසන්න ජනකායක් ප‍්‍රදර්ශනය නැරඹීමට එක්වූහ.

තුන්වන දිනයේදී 33000 කට අධීක ජනකායකගේ සහභාගීත්වයෙන් ප‍්‍රදර්ශනය අවසන් වූ අතර දින තුනේදීම රාත‍්‍රියේ සංගීත සංදර්ශන පවත්වන ලදී. අවසන් දින සංගීත සංදර්ශනය දිවයිනේ ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් පවත්වන ලදී. ත‍්‍රිවිධ හමුදාවේ රණවිරු රියල් ස්ටාර් ජයග‍්‍රාහකයින් ද මෙහිදී සංගීතවත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි