මීරිගම මූලික රෝහලට ඖෂධ ගබඩාවක්
9:00am on Tuesday 13th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අනුදැනුම මත මීරිගම ගුවන් හමුදා කඳවුරු වැඩ සේවා අංශය මගින් මීරිගම මූලික රෝහලේ අළුතින් ඉදිකරන ලද ඖෂධ ගබඩා කිරීමේ ගොඩනැගිල්ලක් රෝහල් අයිතියට පත් කිරීම පසුගියදා සිදු කරන ලදී.


උත්සවය 2018 මාර්තු මස 08 වන දින මීරිගම මූලික රෝහල් පරිශ‍්‍රයේදී සිදු කරන ලදී. මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ලසන්ත දහනායක, ඉදිකිරීම් කණ්ඩායම, වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඒඑච්කේඒ අමරසිංහ සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි