'සොබා දහම සුරැකීමට, කඳු මුදුනට නැගීම' ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී පාදයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක
9:31am on Tuesday 13th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරය සමරමින් ශ‍්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ දෙදින වැඩසටහනක් 2018 මාර්තු මස 07 වන දින ආරම්භ කරන ලදී. ශ‍්‍රීපාදස්ථානය වන්දනා කිරීමේ මාර්ගය පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ අතර ඒ සඳහා සිරස මාධ්‍ය ජාලයේ මාද්‍ය අනුග‍්‍රාහකත්වයද හිමිවිය.

උඳුවප් පුර පසලොස්වක පොහොයෙන් ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි. දිනකට දේශීය හා විදේශීය බැතිමතුන් දහස් ගණනක් ශ‍්‍රී පාදස්ථානය වන්නදා මාන කරනු ලබන අතර ඔවුන් විසින් විශාල ප‍්‍රමාණයකින් පරිසරයට මුදාහරින අපද‍්‍රව්‍ය හේතුවෙන් මෙම ශුද්ධ භූමිය හා අවට ඇති ජෛව විවිධාත්මක සුන්දර පරිසරය විනාශයට ලක්වෙයි.

මෙම විනාශය වැලැක්වීම සහ ගුවන් හමුදා 67 වන සංවත්සරය සමරමින් ශ‍්‍රී පංදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරිම අරමුණු කරගන්නා ලදී. මෙම පුණ්‍ය ක‍්‍රියාව සමග සිරස ටීවී නිවුස් ෆ‍්‍රස්ට් ගම්මැද්ද ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගන්නා ලදී.

මෙම පුණ්‍ය ක‍්‍රියාව ආරම්භ කිරීමට ප‍්‍රථම මාවුස්සාකැලේ සමන් දේවාලයේ ආගමික වතාවත් සිදු කරන ලදී.

සමනල කන්ද නල්ලතන්නියේ සාමචෛත්‍යය අසලින් පිරිසිදු කිරීමේ කාර්යය ආරම්භ කරන ලද අතර කැඩුණු පියගැටපෙළවල් අළුත් වැඩියා කිරීම, මාර්ගය දෙපස ඇති ගිමන් හැරීමේ ස්ථාන අළුත් වැඩියා කිරීමද මෙහිදී සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය දරණ ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි