ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරය ප‍්‍රතිසංස්කරණය කෙරේ
12:31pm on Tuesday 13th March 2018
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප‍්‍රතිසංස්කරණය කරණ ලද ප‍්‍රධාන ශ‍්‍රවනාගාරය විවෘත කිරීම ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් ජූඩ් පෙරේරා මහතාගේ ආරාධනයෙන් 2018 මාර්තු මස 10 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සිදු කරණ ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුනු පාසලේ භාෂා ඒකකය විසින් නොකඩවා අටවන වසරට සංවිධානය කරණ ලද ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 2017 ඉංග‍්‍රීසි භාෂා දිනය ත්‍යාග ප‍්‍රදානයද 2018 මාර්තු මස 10 වන දින ප‍්‍රතිසංස්කරණය කරන ලද ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ ඉංග‍්‍රීසි දැනුම වෘත්තීය මට්ටමකට ගෙන එ්ම වාර්ෂිකව ඉංග‍්‍රීසි දිනයක් පැවැත්වීමේ අරමුණ වෙයි. එසේම මෙය ඔවුනගේ දක්‍ෂතාවයන් ඉදිරිපත් කිරීමට මහඟු අවස්ථාවක්ද වෙයි.

එසේම, 2017 පෙර පාසල් තරඟයේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී.

පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ තුන්වන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවයද එදින ඒකල වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.



English Language Day 2017


Award Ceremony of Pre-School Competition – 2018



Closing Ceremony of the Third Finishing School Programme
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි