ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 12 වැනි සංවත්සරය සමරයි
12:34pm on Tuesday 13th March 2018
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ හා ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් අනදෙන නිළධාරි විංග් කමාන්ඩර් ඊ සී ඒ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් 2018 මාර්තු මස 10 වැනි දින සිය 12 වැනි සංවත්සරය සමරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් ශ‍්‍රමදාන වැඩසටහනක් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් වවුනියාව  සිරි ගුනානන්ද කනිටු විදුහල මූලික කරගනිමින් පැවැත්විණි. මීට අමතරව වව්නියාව ශ‍්‍රී බෝධිරුක්කාරාම මහාවිහාරය මූලික කරගනිමින් බෝධි පූජා පින්කමක් ද කඳවුරු කෝවිල මූලික කරගනිමින් ගන දෙවි පූජාවක් ද වව්නියාව මූලික කඳවුරු අනදෙන නිළධාරී ගෲප් කැප්ටන් එල් එච් සුමනවීර මහතාගේ සහභාගිත්වයෙන්  වත්වනු ලැබීය.

මෙහිදී සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරගයක්ද සංවිධානය කර තිබුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි