ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
2:22pm on Tuesday 13th March 2018
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2018 මාර්තු මස 10 වැනි දින සිය 12 වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය.  

සංවත්සර සැමරුම මාර්තු මස 10 වනදින සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු පෙළපාලියකින් ආරම්භ වුණු අතර පෙළපාලිය නිරීක්‍ෂණය අණදෙන නිළධාරී ස්කොඩ්ඩ‍්‍රන් ලීඩර්  එන් පී උඩගෙදර විසින් සිදුකරන ලදී.

මීට අමතරව සංවත්සර දින සැමරැමට සමගාමීව කදිරාන "සෝභාරාම" විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් මාර්තු මස 08 වන දින සිදු කරන ලද අතර කටුනායක ලක්්ෂ්මී ළමා නිවාසයේ දරුවන් උදෙසා අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානය කිරීමක්ද සිදුකරන ලදී.

මාර්තු 10 වන දින බලඝණෙය් සියළුම සේවා පුද්ගලයන් හා සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරගයක් ද පවත්වනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි