ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 5 වන සංවත්සරය සමරයි
10:30am on Wednesday 14th March 2018
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2017 මාර්තු මස 11 වැනි දින ඔවුන්ගේ 5 වන සංවත්සරය සමරන ලද අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අණදෙන නිළධාරී ස්කොඩිරන් ලීඩර් එම් එම් ධර්මවීර  මහතා ඉදිරියේ වැඩ පෙළපාලියක් ද පවත්වන ලදී.
 
ඒ අනුව 2017 මාර්තු මස 10 වන දින තොරතුරු තාක්ෂණ පක්ෂාංග පරිශ‍්‍රයේදී පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින්ට ආශිර්වාද පතා ධර්ම දේශනා පින්කමක් සංවිධානය කරන ලදී. තවද ජනවාරි 16 දින නාරාහේන්පිට ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කිරිමක්  සිදුකරන ලදී. 2018 පෙබරවාරි 16 දින එල් ඔ එල් සී ළමා නිවාසයේ දරු දැරියන් හට රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ‍්‍රයේදී පාසල් උපකරණ බෙදාදීමක් හා දිවා ආහාරයද පක්ෂාංගයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදී.

2018 මාර්තු මස 11 වැනි දින සැමරුමට සමගාමීව සුහද ක‍්‍රිකට් තරඟයක් පක්ෂාංග සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි