පළමු ගිනි නිවාරණ උසස් පාඨමාලාව විසිර යයි
3:56pm on Thursday 22nd March 2018
කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති ගිනි නිවාරණ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණය මගින් මෙහෙයවන ලද පළමු ගිනි නිවාරණ උසස් පුහුණු (01/2017) පාඨමාලාව 2018 මාර්තු මස 21 වන දින විසිර යන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ භටයින් හට න්‍යායාත්මක සහ ප‍්‍රායෝගික දැනුම ලබා දීම තුළින් ඔවුන්ගේ වෘත්තීමය හැකියාව වැඩිදියුණු කිරීම මෙම පාඨමාලාව මගින් මූලිකවම බලාපොරොත්තු වෙයි. විසිර යාමේ උත්සවය පෙළපාලියකින්, විවිධ ගිනි නිවාරණ සරඹ සහ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් වලින් සමන්විත විය.

පාඨමාලාව සඳහා ගුවන් භටයින් 33 දෙනෙකු සහභාගී වු අතර ඔවුන් අතරින් පහත සඳහන් ගුවන් භටයින් විශේෂ දක්‍ෂතාවයන් වෙනුවෙන් සම්මාන ලබා ගන්නා ලදී.

සෑම අතින්ම දක්‍ෂ ගිනි නිවාරණ භටයා

නායක ගුවන් භට බස්නායක බීඑම්එන්ආර්

ශාරීරික අභ්‍යාස අතින් දක්‍ෂතම ගිනි නිවාරණ භටයා
නායක ගුවන් භට විජේරත්න බීඒ

දෙවන ස්ථානය
නායක ගුවන් භට වීරතුංග සීඑම්

තුන්වන ස්ථානය
නායක ගුවන් භට සිල්වා එස්ඩබ්අයිඑස්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි