ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය
1:56pm on Wednesday 28th March 2018
ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය 2018 මාර්තු මස 23 වන දින කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ආරක්‍සක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විශේෂ අමුත්තකු වශයෙන් මෙම අවස්ථාවට එක්විය.

මෙම තුන්දින සමුළුව සඳහා ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, ඔ්මානය සම එක්සත් රාජධානිය නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වූහ. මෙම සමුළුවේ ප‍්‍රධාන කථාව අන්තරජාතික හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් බී පුරිවිල් මහතා විසින් සිදු කරන ලදී.

”නොසලකා හරින නිවර්තන රෝග සහ හමුදා ෙඖෂධ”, ”මුහුණේ සෞන්දර්ය හා පුළුල් ප‍්‍රවේශය”, ”ගුවන් සේවා ෙඖෂධ, ඉදිරි මාවත සහ දිය යට පරිසරයේ අන්තරායන්” ආදිය යටතේ වාර්ෂික හමුදා වෛද්‍ය සම්මේලනයේ සැසි වාරය පවත්වන ලදී.

ඊට අමතරව මෙහිදී ”දියවැඩියා රෝගී පාද කලමනාකරණය”, ”පියයුරු පිලිකා වර්තමාන කළමනාකරණය”, ”කාන්තාවන්ගේ වෛද්‍ය ගැටළු”, ”යුධ සමයේදී සාමාන්‍ය පොදු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වගකීම්”, ”රොබෝමය සැත්කම්, ආපදා වලින් මියගිය අයගේ කළමනාකරණය, පළමු ප්රතිචාර දැක්වූවන්ගේ කාර්යභාරය”, ”සීබීආර්එන් යුධතත්වයන් සහ වෛද්‍ය ආචාර ධර්ම” ආදී තේමානුගත ගැටළු පිළිබඳ විශේෂඥයින් විසින් දේශන පවත්වන ලදී.

හමුදා වෛද්ය විද්යාවේ පර්යේෂණ, නවෝත්පාදනයන්, පුහුණුව සහ උපදේශනය එහි සාමාජිකත්වය අතර ප‍්‍රවර්ධනය කිරීම ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ මූලික අරමුණ වෙයි. එය ජාත්යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ පිළිගැනීමක්ද ලබා ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ සහ නාවික හමුදාධිපතිවරුන්, ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නිළධාරීන්, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි