ගුවන් නියමු සහ ගුවන් යානා ඉංජිනේරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම
4:27pm on Friday 30th March 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් නියමු නිළධාරී 01 ක් සහ ගුවන්යානා ඉංජිනේරු 07 දෙනෙකු හට 2018 මාර්තු මස 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඔවුන්ට හිමි නිළ ලාංඡන ප‍්‍රදානය කරන ලදී.

ගුවන්යානා නියමු නිළධාරී ලෙස සිය නිළ ලාංඡනය ගුවන් හමුදාධිපතිතුමන් අතින් ලබාගත් පයිල8් ඔෆිසර් ආරටී ලොකුලියන සිය මූලික නියමු පුහුණුව සෙස්නා 150 ගුවන් යානාය ආධාරයෙන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමකරන ලදී. ඔහු විසින් සිය උසස් පුහුණුව වයි 12 වර්ගයේ ගුවන් යානාවක් මගින් රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 08 බලගණයේදී නිම කරන ලදී.

මෙහිදී නිළධාරීන් තුන්දෙනෙකු සහ සෙසු නිලයන් හතර දෙනෙකු හට ගුවන් යානා ඉංජිනේරු ලාංඡුන පිළිගන්වන ලදී. ඔවුන් විසින් ඒඑන් 32, සී 130, සහ එම්අයි 17 ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාව ආධාරයෙන් පිළිවෙලින් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී, රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී සිය පුහුණුවීම් කටයුතු නිම කරන ලදී.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම්එම්පීඒ  මන්ත‍්‍රිරත්න
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ජීකේඩීජීබීජේ දිසානායක
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යූජීඑම්එම්එන් බණ්ඩාර
සැරයන් ගමගේ බීසී
සැරයන් නන්දකුමාර යූවීඑස්සී
කෝප‍්‍රල් පත්මතිලක අයිජීපීඑස්
කෝප‍්‍රල් හෙට්ටිආරච්චි ටී එස්

හට මෙහිදී ගුවන් යානා ඉංජිනේරු ලාංඡන පිරිනමන ලදී.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අද්‍යක්‍සක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ සහ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂලඑම්ඩී රත්නායක ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි