අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018
4:35pm on Friday 30th March 2018
2018 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018 මාර්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී කොළඹ ගුවන් හමුදා කඳවුර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.

මෙවර තරඟාවළිය සඳහා ජූඩෝ තරඟකරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. බණ්ඩාරනායක අන්තරජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කදවුර සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි