හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ප‍්‍රජා සත්කාරක සේවාවක්
4:15pm on Monday 2nd April 2018
හිඟුරක්ගොඩ, වරාහේන පදිංචි රංජිත් මුනසිංහ මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ නිවසේ වහලය පිළිසකර කර දීම හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් පසුගිය දා සිදු කරන ලදී. හදවත් රෝගියෙක වන මුණසිංහ මහතාගේ බිරිඳද ශල්‍ය කර්මයක් සිදු කොට නිරන්තර වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතු තත්වයක පසුවෙයි. එම තත්වයන් සැළකිල්ලට ගනිමින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් අවශ්‍ය ශ‍්‍රම දායකත්වදය සපයමින් 2018 මාර්තු මස 28 වන දින නිවසේ වැඩ නිමකර මුණසිංහ මහතා හට භාරදෙන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි