ජපානයෙන් ගුවන් හමුදාවට තවත් ගිනි නිවන රථ දෙකක් ප‍්‍රදානය කෙරේ
9:17am on Monday 9th April 2018
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ දෙකක්  ප‍්‍රදානය කිරීම 2018 අප‍්‍රියල් මස 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙහිදී ප‍්‍රදානය කරනු ලබන රථයන්හි ලියකියවිලි ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට භාරදීම සිදු කරන ලදී.

මීට අමතරව සංචාරක ජපාන නියෝජිත පිරිස විසින් ඇස් කණ්නාඩි 300 ක්ල ළමා පැන්සල් පෙට්ටි  100ක් සේවා වනිතා ඒකකය වෙත ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ඉතා අලංකාරවත් සංස්කෘතික සංදර්ශනයක් පැවත්වන ලදී. එරංගා තකිලකරත්න මහත්මිය සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානිය ලෙස කටයුතු කරන ලද අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලය,  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි