ලිංග ආශිත රෝග හා එච් අයි වී පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
10:15am on Monday 9th April 2018
ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව ලිංග ආශිත රෝග හා එච් අයි වී රෝග බෝවීමේ අවදානම වැඩිවී ඇතිබව වාර්ථාවී ඇත.

මේ සම්බන්දයෙන් දැනුවත් කිරීමෙ වැඩසටහනක් "ලිංග ආශිත රෝග හා එච් අයි වී රෝග වලින් ආරක්ෂාවෙමු" යන මැයින් 2018 අපි‍්‍රයල් මස 05 වන දින ගුවන් හමුදා සාමාජිකයන් 150 කගේ පමණ සහභාගිත්වයෙන් කොළඹ කඳවුරු පරිශයේදී පවත්වන ලදී.

මෙහිදී දේශන මෙහෙයවන ලද්දේ සමාජරෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි  (එම් ඩී, එම් ආර් සී පී) හා ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහෙන් ජෛ්ෂ්ඨ උපදේශිකා වෛද්‍ය පියුමි පෙරේරා විසිනි.මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ ලිංග ආශිත රෝග හා එච් අයි වී පිළිබඳ ගුවන් හමුදා සාමාජිකයන් දැනුවත් කිරීම හා ආරක්ෂා කිරීමයි.

මෙහිදී ගුවන් හමුදා සාමාජිකයන් 200 කගේ පමණ එච් අයි වී රුධිර පරීක්ෂාව සිදුකරගන ලද අතර මෙම වැඩසටහන මෙහෙයවීම සිදුකරන ලදිදේ ගෲප් කැප්ටන් පද්මපෙරුම හා ගුවන් හමුදා කොළඹ  රෝහල් කාර්ය මණ්ඩලය විසිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි