'ගුවන් සිත්තරා' ජයග‍්‍රහකයින්ට ගුවන් සවාරියක්
11:18am on Monday 9th April 2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් අතරින් සුවිශේෂි වැඩසටහනක් වු ගුවන් සිත්තරා චිත‍්‍ර  තරගාවලිය ප‍්‍රාථමික කණිෂ්ඨ ජෙෂ්ඨ යන අංශයන් යටතේ දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය කරමින් පාසල් ශිෂ්‍යය ශිෂ්‍යයාවන් 25000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව අවසන්විය.

මෙම තරගාවලියේ දි එක් අංශයකින් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් පස්දෙනෙකු (05) බැගින් සමස්ථ තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් 15 දෙනෙකු උදෙසා ත්‍යාග හා සහතිකපත් ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයමිපති මහතා  විසින් 2018 අප‍්‍රියල් මස 07 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි ප‍්‍රධානය කරන ලදි.

ගුවන් සිත්තරා තරගයේ ජයග‍්‍රාහක ශිෂ්‍යය ශිෂ්‍යයාවන් උදෙසා අමතක නොවන මතකයක් තම ජිවිතයට එක් කරගැනිෙමි අවස්ථාව උදාකර දෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ අදහසකට අනුව ජයග‍්‍රාහකයින් 15 දෙනා හට ගුවන් හමුදාව සතු එම් අයි 17 වර්ගයේ ගුවන් යානයක් මගින් ගුවන් හමුදා කොළඹ කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර දක්වා ගුවනින් ගමන් කිරිමට අවස්ථාව උදාකරදිමට ද පියවර ගන්නා ලදි.

රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුර වෙත පැමිණි සියළුම ශිෂ්‍යය ශිෂ්‍යයාවන් සදහා ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹිමේ අවසථාවද ගුවන් හමුදාව විසින් සලසා දි තිබු අතර ගුවන් සිත්තරා තරගයේ ජයග‍්‍රාහක ශිෂ්‍යය ශිෂ්‍යයාවන් දිනයක් පුරාවට තම ජිවිතයට එක් කරගත් නැවුම් අත්දැකිම් සමුදායකින් පරිපුර්ණව ගුවන් හමුදා රත්මලාන කඳවුරෙන් පිටව යන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි