ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
1:23pm on Thursday 12th April 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2018 අපේ‍්‍රල් මස 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය වාර්ෂික මහා සභා රැුස්වීමෙහි මුලසුන හොබවන ලද අතර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකක සභාපතිනියන් සහ ඒකක භාර නිළධාරීන් මේ සඳහා සහභාගී වූහ.

සමුළුවේ වැඩකටයුතු සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායන කිරීමෙන් ආරම්භ කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබුවාය. පසුගිය සභා වාර්ථාව ඉදිරිපත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් චාමිනී ගමගේ විසින් සිදු කරන ලදී. භාණ්ඩාගාරික ස්කොඩ්රන් ලීඩර් චමිත් ඉලංගකෝන් විසින් 2017 වසරේ අය වැය වාර්ථාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව කඳවුරු සේවා වනිතා ඒකකයන් මගින් 2017 වසරේ සිදු කරන ලද කාර්යයන් සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි