ගුවන් හමුදා අවුරුදු පොල 2018
1:25pm on Thursday 12th April 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2018 අවුරුදු පොළ කොළඹ ගුවන් හමුදා කඳවුරු ”රයිෆල් ග‍්‍රීන්” ක‍්‍රීඩාංගණයේදී  2018 අපේ‍්‍රල් මස 10 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙවර අවුරුදු පොළ ගුවන් හමුදා සුභ සාධන අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ අතර දිවයිනේ සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් වෙළඳ කුටි ඉදිරිපත් කොට තිබිණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වූ අතර පොල්තෙල් පහන දැල්වීමෙන් අවුරුදු පොළ විවෘත කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් සහ ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මෙම අවස්ථාවට සහභාගී විය.

ඉතා පහසු මිල ගණන් යටතේ විවිධ වූ භාණ්ඩ මිලදී ගැනීමට මේ මගින් අවස්ථාව සලසා දෙනු ලැබිණි. අවුරුදු සමයේ අඩුම මිල ගණන් වලට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් සමගින් මේ අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි