අවශ්‍යතා සහිත පුද්ගලයන් හට ගුවන් හමුදාවෙන් සහාය
1:27pm on Thursday 12th April 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් සහ සිවිල් පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින්  ඔවුන් හට මූල්‍යමය ශක්තියක් ලබා දෙමින් භාණ්ඩ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කරන ලදී. 

සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් ගුවන් කාන්තා කෝප‍්‍රල් අශානි හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2018 අපේ‍්‍රල් මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී. මෙම රෝද පුටුව ඇයගේ සැමියාගේ පියාගේ ප‍්‍රයෝජනය පිණිස මෙලෙස පරිත්‍යාග කරන ලදී.

මීට අමතරව, ජුකී මහන මැෂිමක් සහ සාමාන්‍ය මහන මැෂින් දෙකක් පරිත්‍යාග කිරීම 2018 අපේ‍්‍රල් 10 වන දින පවත්වන ලද අවුරුදු පොලෙහිදී සිදු කරන ලදී.

මෙම මහන මැෂින් බලලත් නිළධාරී වසන්ත කුමාරගේ බිරිඳ හට, බලපන්ති සැරයන් රාජාංගන ගේ බිරිඳ හට සහ ගුවන් හමුදාවේ සිවිල් සේවක සිසිර කුමාර මහතාගේ බිරිඳ හට ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි